Sinhala

මහා ජලගැල්ම පිළිබඳ බයිබලයේ වාර්තාව

වද භූමිය මතුපිට මනුෂ්‍යයන් වැඩිවෙන්ට පටන්ගෙන ඔවුන්ට දූවරුන් උපන් කල
දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්තෝය.
ස්වාමීන්වහන්සේද: මාගේ ආත්මය මනුෂ්‍යයා හා සමඟ සදාකල්ම විවාද නොකරන්නේය; මක්නිසාද ඔහුත් මාංසයය. එසේවී නුමුත් ඔහුගේ කාලය එකසිය විසි අවුරුද්දක් වන්නේයයි කීසේක.
ඒ දවස්හි යෝධයෝ6:4 හෙබ්‍රෙව්: නෙඵීලිම්. පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහිකළාවූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය.
මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන්වහන්සේ දුටුසේක.
තවද ස්වාමීන්වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූසේක.
ස්වාමීන්වහන්සේ: මා විසින් මවනලද මනුෂ්‍යයා භූමිය මතුපිටින් නැතිකර දමන්නෙමි; මනුෂ්‍යයන්ද මෘගයන්ද බඩගායන සත්වයන්ද ආකාශයේ පක්ෂීන්ද නැතිකර දමන්නෙමි; මක්නිසාද මම ඔවුන් සෑදූ බැවින් තැවෙමියි කීසේක.
එහෙත් නෝවා ස්වාමීන්වහන්සේගෙන් කරුණාව ලැබුයේය. නෝවා නැව සෑදීම
නෝවාගේ පරම්පරා මේය. නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව6:9 හෙවත්, නිර්මලව. සිටියේය. නෝවා දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය.
10 නෝවාට දාව ෂෙම්, හාම්, යඵෙත් යන පුත්‍රයන් තුන්දෙනෙක් උපන්නෝය.
11 පොළොව දෙවියන්වහන්සේ ඉදිරියෙහි දූෂ්‍යවූවාය, පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණාය.
12 දෙවියන්වහන්සේ පොළොව දෙස බැලූසේක; බලව, එය දූෂ්‍යව තිබුණාය; මක්නිසාද මාංසමයවූ සියල්ලෝ පොළොවෙහි තමන්ගේ මාර්ග දූෂ්‍යකරගන සිටියෝය.
13 දෙවියන්වහන්සේ නෝවාට කථාකොට: මාංසමයවූ සියල්ලන් කරණකොටගෙන පොළොව බලාත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ; බලව, මම ඔවුන් පොළොව හා සමඟ විනාශකරන්නෙමි.
14 ඔබ ගොඵෙර් ලීවලින් නැවක් සාදාගන්න; නැවෙහි කාමර සාදා එහි ඇතුළත් පිටත් කීල් ගාන්න.
15 ඔබ ඒක සෑදිය යුතු ආකාරය මේය. නැවේ දිග රියන් තුන්සියයක්ය, පළල රියන් පනසක්ය, උස රියන් තිහක්ය.
16 නැවට කවුළුවක් සාදවා ඉහළින් ඒක රියනකින් නිමකරන්න; නැවේ දොර පැත්තකින් සාදන්න; පහළ තට්ටුවක්ද දෙවෙනි තුන්වෙනි තට්ටුද ඇතුව ඒක සාදන්න.
17 බලව, අහස යට ජීවන හුස්ම ඇති මාංසමයවූ සියල්ලන් විනාශකරන පිණිස මම පොළොව පිටට ජලගැල්ම පමුණුවමි; පොළොවෙහි ඇත්තාවූ සියල්ල නසින්නේය.
18 එහෙත් ඔබ සමඟ මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි; ඔබද ඔබ සමඟ ඔබේ පුත්‍රයෝද ඔබේ භාර්යාවද ඔබේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල්වන්නෝය.
19 තවද මාංසමයවූ පණ ඇති සියල්ලන්ගෙන් ඔබ සමඟ පණ ඇතුව තබා ගන්න පිණිස එක එක වර්ගයේ ගෑනු පිරිමි දෙදෙනෙකු බැගින් නැවට ගෙනියන්න.
20 ඒ ඒ වර්ගයේ පක්ෂීන්ගෙන්ද ඒ ඒ වර්ගයේ සිව්පාවුන්ගෙන්ද භූමියේ බඩගා යන ඒ ඒ වර්ගයේ සියල්ලන්ගෙන්ද පණ ඇතුව තබාගන්න පිණිස සියලු වර්ගවලින්ම දෙදෙනෙක් බැගින් ඔබ වෙතට පැමිණෙන්නෝය.
21 කන්නාවූ සියලු ආකාර ආහාරයෙන් ඔබ වෙතට රැස්කරගන්න; ඒවා ඔබටද උන්ටද භෝජන පිණිස වන්නේයයි කීසේක.
22 නෝවා එසේ කෙළේය; දෙවියන්වහන්සේ ඔහුට අණ කළ සියල්ල ලෙස ඔහු කෙළේය.

උත්පත්ති 6;1-22

වාමීන්වහන්සේ නෝවාහට කථාකොට: ඔබද ඔබේ මුළු පවුලද නැවට ඇතුල්වෙන්න; මක්නිසාද ඔබ මේ පරම්පරාවෙහි මා ඉදිරියේ ධර්මිෂ්ඨව සිටින බව දුටුවෙමි.
මුළු පොළෝතලයෙහි සත්වයන් පවතින පිණිස සියලු පවිත්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් සත් සත් දෙනෙකු බැගින්ද අපවිත්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් දෙදෙනෙකු බැගින්ද
ආකාශ පක්ෂීන්ගෙනුත් ගෑනු පිරිමි සතුන් සත් සත් දෙනෙකු බැගින්ද ඔබ වෙතට ගන්න.
මක්නිසාද තව සත් දවසකින් දහවල් සතළිසක්ද රෑ සතළිසක්ද පොළොව පිට වැසි වස්වන්නෙමි; මා විසින් සාදනලද ජීවමාන සියල්ල භූමිය මතුපිටින් නැතිකරදමන්නෙමියි කීසේක.
නෝවා ස්වාමීන්වහන්සේ තමාට අණ කළ සියල්ල ලෙස කෙළේය.
පොළොවෙහි ජලගැල්ම වූ කල්හි නෝවා අවුරුදු හසියයක් වයස්ව සිටියේය.
ජලගැල්ම නිසා නෝවාද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල්වූවෝය.
පවිත්‍ර මෘගයන්ගෙන්ද අපවිත්‍ර මෘගයන්ගෙන්ද පක්ෂීන්ගෙන්ද භූමියෙහි බඩගා යන සියල්ලන්ගෙන්ද ගෑනු පිරිමි සතුන්
දෙන්න දෙන්නා බැගින් දෙවියන්වහන්සේ නෝවාට අණ කළ ලෙස නෝවා වෙත නැවට ඇතුල්වූවෝය.
10 ඒ සත් දවසට පසු ජලගැල්ම පොළොවෙහි විය.
11 නෝවාගේ ජීවිතයේ හසියවෙනි අවුරුද්දේ දෙවෙනි මස දස සත්වෙනි දිනයෙහිම මහත් ගැඹුරේ සියලු උල්පත් බිඳී ගියේය, ආකාශයේ කවුළුද ඇරුණේය.
12 දහවල් සතළිසක්ද රෑ සතළිසක්ද පොළොව පිට වැසි වැස්සේය.
13 එම දවසෙහිම නෝවාද නෝවාගේ පුත්‍රයන්වූ ෂෙම්, හාම් සහ යඵෙත්ද නෝවාගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන් සමඟ ඔවුන්ගේ භාර්යාවන් තුන්දෙනාද නැවට ඇතුල්වූවෝය;
14 ඔව්හුද එක එක වර්ගයේ සියලු මෘගයෝද එක එක වර්ගයේ සියලු සිව්පාවෝද එක එක වර්ගයේ පොළොවෙහි බඩගා යන සියල්ලෝද එක එක වර්ගයේ සියලු පක්ෂීහුද සියලු වර්ගවල සියලු කුරුල්ලෝද ඇතුල්වූවෝය.
15 මෙසේ ජීවන හුස්ම ඇති මාංසමය සියල්ලන්ගෙන් දෙන්න දෙන්නා බැගින් නෝවා වෙත නැවට ඇතුල්වූවෝය.
16 ඇතුල්වූ සත්වයෝ දෙවියන්වහන්සේ ඔහුට අණකළ ලෙස මාංසමයවූ සියල්ලන්ගෙන් ගෑනු පිරිමි වශයෙන් ඇතුල්වූවෝය. ස්වාමීන්වහන්සේ ඔහු ඇතුල්කොට දොර වැසූසේක.
17 ජලගැල්ම සතළිස් දවසක් පොළොවෙහි විය; ජලය වැඩිව නැව ඉල්පවිය, ඒක පොළොවෙන් ඉවත්ව ගියාය.
18 ජලය බලවත්ව පොළොව පිට බොහෝසෙයින් වැඩිවිය; නැවද ජල මතුයෙහි ගියාය.
19 ජලය පොළොව පිට අතිශයින් බලවත්විය; මුළු අහස යට පිහිටි සියලු උස් කඳු වැසීගියේය.
20 කඳු වැසී ඊට ඉහළින් රියන් පසළොසක් ජලය උස්ව ගියේය.
21 පක්ෂීහුද සිව්පාවෝද මෘගයෝද පොළොවෙහි බඩගා යන සියල්ලෝද සියලු මනුෂ්‍යයෝද යන පොළොව පිට හැසිරෙන මාංසමයවූ සියල්ලෝ නැසුණෝය.
22 තමන්ගේ නාස්පුඩුවල ජීවන හුස්ම ඇත්තාවූ එනම් ගොඩබිම සිටි සියල්ලෝම මළෝය.
23 මෙසේ මනුෂ්‍යයා පටන් සිව්පාවාද බඩගා යන සත්වයාද ආකාශයේ පක්ෂියාද දක්වා භූමිය මතුපිට සිටි සියලු ප්‍රාණීහුම විනාශකරන ලද්දෝය; ඔව්හු පොළොවෙන් විනාශ කරනලද්දෝය. නෝවා සහ ඔහු සමඟ නැවෙහි සිටියාහු පමණක් ඉතිරිවූවෝය.
24 ජලය එකසිය පනස් දවසක් පොළොව පිට බලවත්ව පැවතුණේය.

උත්පත්ති 7;1-24

වද දෙවියන්වහන්සේ නෝවාද නැවෙහි ඔහු සමඟ සිටියාවූ පණ ඇති සියල්ලන්ද සියලු සිව්පාවුන්ද සිහිකළසේක. දෙවියන්වහන්සේ පොළොව පිට හුළඟක් ගසන්ට සැලැස්වූසේක, එවිට ජලය අඩුවිය;
ගැඹුරේ උල්පත්ද අහසේ කවුළුද පියනලද්දේය; අහසෙන් වර්ෂාවද නවත්වනලද්දේය.
ජලය නොකඩව පොළොවෙන් බැස ගියේය; එකසිය පනස් දවසකට පසු ජලය අඩුවිය.
නැව සත්වෙනි මස දසසත්වෙනි දින අරරත් කඳු පිට නැවතුණාය.
දසවෙනි මාසය දක්වා ජලය නොකඩව බැස්සේය; දසවෙනි මස පළමුවෙනි දින කඳු මුදුන් පෙනුණේය.
සතළිස් දවසකට පසු නෝවා තමා සෑදූ නැවේ කවුළුව හැරියේය.
ඔහු කපුටුවෙකු පිටතට යැවීය, ඌ පිටතට ගොස් පොළොවෙන් ජලය සිඳෙන තුරු ඔබ මොබ ගියේය.
ඔහු භූමිය මතුපිටින් ජලය බැසගියාදැයි බලන පිණිස තමා වෙතින් පරෙවියෙකු යැවීය;
එහෙත් ජලය මුළු පොළොව මතුපිට තිබුණු බැවින් පරෙවියා උගේ පතුල තබන්ට තැනක් නොලැබ ඔහු වෙත නැවට හැරී ආවේය. ඔහු තමාගේ අත දිඟුකොට ඌ අල්වා තමා වෙත නැවට ගත්තේය.
10 ඔහු තව සත්දවසක් බලා සිට නැවතත් පරෙවියා නැවෙන් පිටතට ඇරියේය;
11 පරෙවියා සවස් වේලෙහි ඔහු වෙතට ආවේය; බලව, අමු ඔලීව කොළයක් උගේ තුඩෙහි තිබුණේය. මෙසේ පොළොවෙන් ජලය බැසගිය බව නෝවා දැනගත්තේය.
12 ඔහු තව සත් දවසක් බලාසිට පරෙවියා පිටතට ඇරියේය; ඌ නැවත ඔහු වෙතට තවත් හැරී නාවේය.
13 තවද හසිය එක්වෙනි අවුරුද්දේ පළමුවෙනි මස පළමුවෙනි දින ජලය පොළොව මතුපිටින් සිඳී ගොස් තිබුණේය. නෝවා නැවේ වැස්ම හැර බැලුවේය, බලව, භූමිතලය වියළී තිබුණාය.
14 දෙවෙනි මස විසිසත් වෙනි දින පොළොව වියළී තිබුණාය.
15 එවිට දෙවියන්වහන්සේ නෝවාට කථාකොට:
16 ඔබද ඔබ සමඟ ඔබේ භාර්යාවද ඔබේ පුත්‍රයෝද ඔබේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවෙන් පිටතට එන්න.
17 ඔබ සමඟ සිටින සියලු ආකාර සත්වයන්වූ පක්ෂීන්ද සිව්පාවුන්ද පොළොව පිට බඩගා යන පණ ඇති සියල්ලන්ද පොළොවෙහි අතිශයින් වැඩිවී සඵලව පොළොව පිට බෝවෙන පිණිස ඔබ සමඟ රැගෙන පිටතට එන්නැයි කීසේක.
18 එවිට නෝවාද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන්ගේ භාර්යාවෝද පිටතට ආවෝය.
19 සියලු මෘගයෝද සියලු බඩගා යන සත්වයෝද සියලු පක්ෂීහුද භූමියෙහි හැසිරෙන සියල්ලෝද උන්ගේ ජාති ප්‍රකාරයට නැවෙන් පිටතට ගියෝය.
20 නෝවා ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා සියලු පවිත්‍ර සිව්පාවුන්ගෙන්ද සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද රැගෙන පූජාසනය පිට දවන පූජා පිදුවේය.
21 ස්වාමීන්වහන්සේ මිහිරි සුවඳ සිඹ තමන්වහන්සේගේ සිත තුළ කථාකරමින්: මනුෂ්‍යයා නිසා භූමියට තවත් ශාප නොකරන්නෙමි; මක්නිසාද බාල වයසේ පටන් ඔහුගේ සිතේ කල්පනා නපුරුව තිබේ; තවද මා විසින් කළ ලෙස නැවත ජීවමාන සියල්ලන්ට තවත් පහර නොදෙන්නෙමි.
22 පොළොව පවතිනතුරු වපුරන කාලය සහ කපන කාලයද ශීතය සහ උෂ්ණයද ග්‍රීෂ්ම කාලය සහ ශීත කාලයද දවාල සහ රාත්‍රියද නොනවතින්නේයයි කීසේක.

උත්පත්ති 8;1-22

වද දෙවියන්වහන්සේ නෝවාටත් ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාදකොට: ඔබ සැම සඵලවෙමින් බෝවී පොළොව පූර්ණ කරන්න;
ඔබ සැම ගැන භයත් ඔබ සැම ගැන තැතිගැන්මත් පොළොවේ සියලු මෘගයන් කෙරෙහි සහ ආකාශයේ සියලු පක්ෂීන් කෙරෙහි වන්නේය; තවද භූමිය පිට බහුලව හැසිරෙන සියල්ලෝද මුහුදේ සියලු මත්ස්‍යයෝද ඔබ සැම අතට භාරදෙනලද්දෝය.
එහා මෙහා යන පණ ඇති සියල්ල ඔබ සැමට ආහාර වන්නේය; නිල් පලා ජාති මෙන් උන් සියල්ලන් මම ඔබ සැමට දුනිමි.
නුමුත් මාංසය එහි ප්‍රාණය වන රුධිරය සමඟ නොකෑයුතුය.
සැබවින් ඔබ සැමගේ ජීවිතය වන ඔබ සැමගේ ලේ ගැන පළිගන්නෙමි; සියලු මෘගයන් අතින්ද පළිගන්නෙමි. මනුෂ්‍යයාගේ ජීවිතය ගැන මනුෂ්‍යයා අතින් එනම් ඔහුගේ සහෝදරවූ එක් එක්කෙනා අතින් පළිගන්නෙමි.
දෙවියන්වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සෑදූ බැවින් යමෙක් මනුෂ්‍යයාගේ ලේ වගුරුවන්නේද ඔහුගේ ලේ මනුෂ්‍යයා විසින් වගුරුවනු ලබන්නේය.
ඔබ සැම වනාහි සඵලවෙමින් බෝවෙන්න: පොළොවෙහි අතිශයින් බෝවී එහි වර්ධනවෙන්නැයි ඔවුන්ට කීසේක.
දෙවියන්වහන්සේ නෝවාටද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන්ටද කථාකොට:
බලව, මම ඔබ සැම සමඟත් ඔබ සැමට පසුව ඔබ සැමගේ වංශය සමඟත්
10 ඔබ සැම වෙත සිටින පණ ඇති සියලු සත්වයන් වූ පක්ෂීන්ද ගවයන්ද ඔබ සැම සමඟ සිටින පොළොවේ සියලු මෘගයන්ද නැවෙන් පිටව යන පොළොවේ සියලු මෘගයන්ද සමඟත් මාගේ ගිවිසුම පිහිටුවමි.
11 ඔබ සැම සමඟ මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි; ජලගැලීමෙන් සියලු සත්වයෝ තවත් සිඳ දමනු නොලබන්නෝය; පොළොව නාස්තිකරන පිණිස ජලගැලීමක් තවත් නොවන්නේයයි කීසේක.
12 තවද දෙවියන්වහන්සේ: මා සහ ඔබ සැමද ඔබ සැම සමඟ සිටින්නාවූ සියලු පණ ඇති සත්වයන්ද අතරෙහි සියලු පරම්පරාවලට මා විසින් කරන මාගේ ගිවිසුමේ ලකුණනම් මේය:
13 මාගේ දුන්න වලාකුළෙහි තබමි, ඒක මා සහ පොළොව අතරේ ගිවිසුමේ ලකුණක් පිණිස වන්නේය.
14 මා විසින් පොළොවට ඉහළින් වලාකුළක් පමුණුවන කල්හි ඒ දුන්න වලාකුළෙහි පෙනෙන්නේය,
15 එවිට මා සහ ඔබ සැමද සියලු ආකාර මාංසමයවූ හැම පණ ඇති සත්වයන්ද අතරෙහි ඇත්තාවූ මාගේ ගිවිසුම සිහිකරන්නෙමි; වතුර කරණකොටගෙන සියලු සත්වයන් විනාශනොවන පිණිස තවත් ජලගැලීමක් නොවන්නේය.
16 දුන්න වලාකුළෙහි වන්නේය; දෙවියන්වහන්සේ හා පොළොව පිට සියලු ආකාර මාංසමයවූ හැම පණ ඇති සත්වයන් අතරෙහි ඇත්තාවූ සදාකාල ගිවිසුම සිහිවන පිණිස මම දුන්න දෙස බලන්නෙමියි කීසේක.
17 තවද දෙවියන්වහන්සේ: මාද පොළොවෙහි සිටින මාංසමයවූ සියල්ලන්ද අතරෙහි මා විසින් පිහිටුවනලද ගිවිසුමේ ලකුණමේයයි නෝවාට කීසේක.
18 තවද නැවෙන් පිටතට ගියාවූ නෝවාගේ පුත්‍රයෝනම්: ෂෙම්, හාම් සහ යඵෙත්ය. හාම් කානාන්ගේ පියාය.
19 මේ තුන්දෙනා නෝවාගේ පුත්‍රයෝය. මොවුන්ගෙන් මුළු පොළොව ගහනව ගියේය.
20 නෝවා ගොවිකම් කරන්ට පටන්ගෙන මිදි වත්තක් වැවුවේය.
21 තවද ඔහු මුද්‍රිකපානය බී මත්ව තමාගේ කූඩාරමෙහි නග්නව උන්නේය.
22 කානාන්ගේ පියාවූ හාම් තමාගේ පියාගේ නග්නභාවය දැක පිටත සිටි තමාගේ සහෝදරයන් දෙදෙනාට කීය.
23 එවිට ෂෙම් සහ යඵෙත් වස්ත්‍රයක් ගෙන තමන්ගේ දෙවුර පිට ඒක තබාගෙන පස්සෙන් පස්සට ගොස් තමන් පියාගේ නග්නභාවය වැසුවෝය; ඔවුන්ගේ මුහුණු අහකට හැරී තිබුණු බැවින් ඔව්හු තමන් පියාගේ නග්නභාවය නුදුටුවෝය.
24 නෝවා තමාගේ මුද්‍රිකපානයෙන් පිබිද තම බාල පුත්‍රයා තමාට කළ දේ දැනගත්තේය.
25 ඔහු: කානාන්ට ශාප වේවා; ඔහු තමාගේ සහෝදරයන්ට දාසයන්ගේ දාසයෙක් වන්නේයයි කීය.
26 තවද ඔහු: ෂෙම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා; කානාන් ඔහුට දාසයෙක් වේවා.
27 දෙවියන්වහන්සේ යඵෙත්ගේ සීමා විශාලකරනසේක්වා, ඔහු ෂෙම්ගේ කූඩාරම්වල වාසය කෙරේවා; කානාන් ඔහුගේ දාසයා වේවයි කීය.
28 නෝවා ජලගැලීමට පසු තුන්සිය පනස් අවුරුද්දක් ජීවත් විය.
29 නෝවාගේ සියලු දවස් අවුරුදු නවසිය පනසක්ය; ඔහු මළේය.

උත්පත්ති 9;1-29