තුයෙල්ගේ පුත්‍රවූ යෝවෙල් වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.
යෝවෙල් 1:12
2 මහල්ලෙනි, මේක අසන්න, දේශයේ සියලුම වැසියෙනි, කන් යොමුකරන්න. නුඹලාගේ දවස්වල හෝ නුඹලාගේ පියවරුන්ගේ දවස්වල හෝ මෙබඳු දෙයක් සිද්ධවීද?
3 නුඹලාගේ දරුවන්ට ඒ ගැන කියාදෙන්න, නුඹලාගේ දරුවෝ තමුන්ගේ දරුවන්ටත් ඔවුන්ගේ දරුවෝ තවත් පරම්පරාවකටත් කියාදෙත්වා.
4 පළඟැටි පණුවන් ඉතිරි කළ ඒවා පළඟැටියෝ කෑවෝය; පළගැටියන් ඉතිරිකළ ඒවා කෙඳි-පළඟැටියෝ කෑවෝය; කෙඳි-පළඟැටියන් ඉතිරි කළ ඒවා කපන-පළඟැටියෝ කෑවෝය.
5 සුරාසොඬුනි, පිබිද අඬන්න; මුද්‍රිකපානය බොන සියල්ලෙනි, මිදියුස නුඹලාගේ මුඛවලින් පහවුණු නිසා ඒ ගැන කෑමොරගසන්න.
6 මක්නිසාද බලවත්වූ ගණනාවක් නැති ජාතියක් මාගේ දේශයට නැගී ආවෝය; උන්ගේ දත් සිංහ දත්ය, සිංහ ධේනුවෙකුගේ දළදත්ද උන්ට තිබේ.
7 උන් මාගේ මිදිවැල පාළුකොට, මාගේ අත්තික්කා ගහ කඩාදමා, එහි පොතු ගළවා හෙළාදැමුවෝය; එහි අතුද සුදුවී තිබේ.
8 තරුණ වයසේ පුරුෂයා නිසා ගෝණි රෙදි ඇඳසිටින කන්‍යාවක් මෙන් වැලපෙන්න.
9 ආහාර පූජාවද පාන පූජාවද ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් පහවගියේය; ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ පූජකයෝ වැලපෙන්නෝය.
10 කෙත් නාස්තිවී තිබේ, දේශය වැලපෙයි; මක්නිසාද ගොයම් නාස්තිවී, මිදියුස සිදී, තෙල් හීනවී තිබේ.
11 ගොවියෙනි, තිරිඟු සහ යව ගැන ලජ්ජාවෙන්න, මිදිවතුකාරයෙනි, කෑමොරගසන්න; මක්නිසාද කෙතේ අස්වැන්න නාස්තිවිය.
12 මිදිවැල වියළී, අත්තික්කා ගස මැලවී, දෙළුම් ගසද තල් ගසද ජම්බු ගසද යනාදිවූ කෙතේ සියලුම ගස් වියළී තිබේ. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයන්ගෙන් ප්‍රීතිය පහවගියේය.
4 බෙතෙල්ට ඇවිත් වරදකරන්න; ගිල්ගාල්හි බොහෝසෙයින් වරදකොට, හැම උදයම නුඹලාගේ පූජාද තුන් දවසකට වරක් නුඹලාගේ ඔතුද ගෙනෙන්න;
ආමොස්4:9
19 බීජ තවම අටුවෙහිද? එසේම මිදිවැලත් අත්තික්කා ගසත් දෙළුම් ගසත් ඔලීව ගසත් තවම ඵල දුන්නේ නැත; අද පටන් මම නුඹලාට ආශීර්වාදකරන්නෙමියි කීසේක.
හග්ගයි2:19
4 මුළු අහස් සේනාව ක්ෂයවී, අහස අකුළන පොතක් මෙන් ඇකිළී, එහි මුළු සේනාව මිදිවැලෙන් වැටෙන කොළ මෙන්ද අත්තික්කා ගහෙන් වියළී වැටෙන කොළයක් මෙන්ද වැටෙන්නේය.
යෙසායා 34:4
13 මම සහමුලින්ම ඔවුන් විනාශකරන්නෙමි; මිදි වැළේ වලු නැත, අත්තික්කා ගහේ ඵල නැත, එහි කොළද වියළීයන්නේය; මමද ඔවුන් පාගාදමන අය ඔවුන් ගැන නියමකෙළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ’
යෙරමියා
8:13